Thursday, August 21, 2014

ඇන්ඩ්‍රොයිඩ් Phone වල Pattern Lock එක කඩන්නේ මෙන්න මෙහෙමයි.....

මුලින්ම කියන්න ඕන මේ වැඩේ හුගක් පරිස්සමෙන් කරන්න ඕන.
මොකද කියනව නම් මේ ෆෝන් OS එකත් එක්ක සම්බන්ද වුන දෙයක්.
ඒ වගේම කියන්න ඕන වැදගත්ම දේ තමයි , මේ විදියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කැඩුවට පස්සේ , ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක හෝ ටැබ් එක සම්පුර්ණයේන්ම Reset වෙනවා. ඒක හොදට මතක තියාගන්න.
( ෆෝන් එක හෝ ටැබ් එක Reset වුනාට පස්සේ ෆෝන් එකේ හෝ ටැබ් එකේ තියේන සියලුම දත්ත , තොරතුරු , පින්තුර , සින්දු , වි...ඩියෝ හා Contacts යනාදි සියලුම දේවල් නැති වෙලා , ආපහු මුල්ම තත්වයට එනවා. )

මේ විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කඩන්න කියල දෙන්න හිතුනේ , හදිස්සියකවත් ඔයාගේ ෆෝන් එක හෝ ටැබ් එකට දාල තියේන Pattern Lock එක , මොකක්ද කියල අමතක වුනෝත් , ඔයාට දුක් වෙවි ඉන්නේ නැතුව , මේ විධියට Pattern Lock එක කඩන්න පුලුවන්.

ඒ වගේම ඔයාට හොරේන් , කවුරු හරු ෆෝන් එකට හෝ ටැබ් එකට Pattern Lock එකක් දාල නම් , එක දාපු කෙනාව හොයා ගන්නමත් බැරි නම් ඉතින් , මේ විධියට Pattern Lock එක කඩන්න පුලුවන්.මේ විධියට ඔයාගේ යාලුවෙකුට හෝ වෙනත් කිසිම කෙනෙකුට විහිලුවක් හෝ ආතල් එකක් දෙන්න හිතා ගෙන , මේ වැඩේ නම් කවදාවත්ම කරන්න එපා !!
මේක ආතල් එකට විහිලුවට පාවිච්චි කරන්න එපා !!
මේ ගැන නිකන් ඉන්න බැරුව , අත්හදා බැලිම්වත් කරන්න නම් එපා !!

මේ වැඩේ කරන්න ඔබේ ෆෝන් එක හෝ ටැබ් එක Root කරල තිබිම අවශ්‍ය නොවේ.

මෙය සමහර ෆෝන් හා ටැබ් වලට වැඩ කරන අතර සමහර ෆෝන් හා ටැබ් වලට වැඩ නොකරන අවස්ථාද තිබේ.

එහනම් , උඩින් කියල තියේන සියලුම දේවල් හරියටම හොදට , තේරුම් අර ගෙන කියේව්වා නම් විතරක්ම Pattern Lock එක කඩන විධිය ගැන බලන්න.අයේමත් කියනවා , මේ විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කැඩුවට පස්සේ , ඔයගේ ෆෝන් එක හෝ ට්බ් එක සම්පුර්ණයේන්ම Reset වෙනවා. ඒ නිසා මේක , කරන්නම කිසිම දේයක් නැත්නම් විතරක්ම කරන්න.
( ෆෝන් එක හෝ ටැබ් එක Reset වුනාට පස්සේ ෆෝන් එකේ හෝ ටැබ් එකේ තියේන සියලුම දත්ත , තොරතුරු , පින්තුර , සින්දු , විඩියෝ හා Contacts යනාදි සියලුම දේවල් නැති වෙලා , ආපහු මුල්ම තත්වයට එනවා. )

මේ පහලින් කියල තියේන විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කඩන්න.

1)මුලින්ම Sound එක වැඩි කරන Key එක ඔබාගෙන ඉන්න.
2)ඊට පසුව Sound එක අඩු කරන Key එක ඔබාගෙන ඉන්න.
3)දැන් Power Key එක ඔබාගෙන ඉදල අත අරින්න.
4)මේ වෙලවේදි ඔයාලට Secret Android Screen එක බලගන්න පුලුවන්.
5)මේ මෙනුවේදි උඩට හා පල්ලෙහාට යා ම සදහා Sound එක වැඩි කරන Key ත් Sound එක අඩු කරන Key ත් භාවිතා කරන්න.
6)දැන් තුන්වෙනි තෝරා ගනේමට යන්න. ඒක නම් කරල තියෙන්නේ DELETE ALL USER DATA යන නමිනි.
7)ඕක පොඩ්ඩක් වෙලා ගනීවි ඉවර වෙන්න.
8)වැඩේ ඉවරයි Phone එක On වෙනකොට Pattern Lock එක තියන එකක් නෑ.

අපි දන්නවා මේ පොස්ට් එක දැක්ක ගමන් ගොඩක් දෙනෙක්ට , අපිත් එක්ක තරහක් ඇති වෙවි. හරි , එකට කමක් නැ.
අපි මේ පොස්ට් එක දැම්මේ අර උඩින් කියල තියේනව වගේ අවස්ථා වලදි , ඒ අයට උදව් වෙන්න හිතා ගෙනයි.

ඒ නිසා ඔයාලගේ හිතට එන වැරදි වචන හැර අනිත් ඕනම දෙයක් Comment එකක් විධියට දාන්න.

ඔන්න එහෙනම් මම ගියා.

No comments: