Thursday, August 21, 2014

Facebook වෙතින් අවට සිටින මිතුරන් සොයා දෙන නවතම විශේෂාංගයක්........

Facebook සමාජ ජාල වෙබ් අඩවිය නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.

එය නම් කිරීමට නියමිතව ඇත්තේ, Nearby Friends යනුවෙනි.
...
එම විශේෂාංගය මගින් Facebookහි Android සහ iOS apps භාවිත කරන්නන්ට තමන් අවට සිටින මිතුරන් කවුරුන්ද යන්න දැනගත හැකි වේ.

උදාහරණයක් ලෙස යමෙකු සිනමා ශාලාවක චිත්‍රපටයක් නැරඹීමට ගිය අවස්ථාවක මෙම විශේෂාංගය හරහා එම සිනමා ශාලාවේ සිටින සිය මිතුරන් කවුරුන් ද යන්න පිළිබඳව දැනගත හැකි ය.

මෙම තොරතුරු දෙපාර්ශවයට ම දැනගත හැක්කේ, දෙපාර්ශවය ම ඊට එකඟත්වය පළ කළහොත් පමණි.

මේ හේතුවෙන්, මෙම විශේෂාංගය හරහා පෞද්ගලිකත්වයට හානියක් සිදු නොවන බව Facebook සමාගම පවසයි.

මෙය පළමුවෙන් අමෙරිකාව තුළ ක්‍රියාත්මක කෙරෙන අතර පසුව වෙනත් රටවලට ද මෙම විශේෂාංගය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

No comments: